Posts

Showing posts from December, 2017

ග්‍රීක දාර්ශනිකයන්ගේ සාහිත්‍යය විචාරයන්.

Image
 ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ ග්‍රීක සාහිත්‍යය       නිර්මාණයන් පිළිබද විචාරය....          ග්‍රීක යුගයේ සිටි ප්‍රබල දාර්ශනිකයෙකු ලෙස ප්ලේටෝ හැදින්විය හැකිය.ඔහු විශිෂ්ඨ සාහිත්‍යය විචාරකයෙකි.ග්‍රීක සාහිත්‍යය තුළ නිර්මාණය වූ නිර්මාණයන් ප්‍රබල ලෙස විචාරයට ලක් කළේය.මොවුන්ගේ මෙම විවේචනයන් බටහිර සාහිත්‍යය හා එහි විචාරය සකස් වීමට හේතු සාධක විය.      ප්ලේටෝගේ විචාරය..              ප්ලේටෝගේ පරමාර්ථය වූයේ සත්‍යය ගවේෂණයයි ,පරමාදර්ශී රාජ්‍යයක් ස්ථාපිත කිරීමයි.ඒ සදහා ඔහුගේ සංවාදයන් ඇතුළත් වන්නේ The Republican (ජන රජය )නම් වූ පොතේය.ස්වකීය කෘතිය තුළ ඔහු කලාව පිළිබදව නොයෙකුත් අදහස් පල කර ඇත.එහිදී ඔහු පවසනුයේ සියලු කලා නිර්මාණයන් ජනතාව වෙත සත්‍යය ඉදිරිපත් කළ යුතු බවත් නිර්මාණකරුවා සෑම විටම සත්‍යයම දන්නෙක් විය යුතු බවත්ය.එහිදී ඔහු විසින් සමාජ සුචරිතයට හානි වන දෑ, නරක හැගීම් ආදිය  ප්‍රේක්ෂකයා තුළ නිර්මාණයන් තුළින් ඇති නොකළ යුතු බවත් පැවසු‍වේය.සාහිත්‍යය කරුවා පුරවැසියන්ගේ තත්ත්වය තේරුම් ගෙ...

යුරෝපයේ මධ්‍යතන යුගයේ සාහිත්‍යය.

Image
                                      යුරෝප මධ්‍යතනයේ සාහිත්‍යය. ශේක්ස්පියර්ගේ ශෝකාන්තයන් - විලියම් ශේක්ස්පියර්.           යුරෝපයේ ඇති වී තිබුණු අදුරු යුගයේ නිමාවත් සමග එලබුණ පුනරුදයත් සමග යුරෝපය තුළ විශාල පිබිදීමක් ඇති වුණි.ඒ අතුරින් සාහිත්‍යය පිබිදීම සමාජය තුළ විශාල වෙනසක් ඇති කළේය.ලෞකිකත්වයට යළිත් ඉඩ හසර වෙන් විය.නිර්මාණකරුවන්ට තම නිර්මාණ එලි දැක්වීමට පූර්ණ නිදහස හිමි විය.ඒ අනුව ඉංග්‍රීසි සාහිත්‍යය තුළ දිදුළන තාරකාවක් ලෙස ඇවොන්හි වෝර්වික්ෂයර්හිදී 1564 දී උපත ලද විලියම් ක්ෂේස්පියර්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඔහු යුරෝපයේ ඛේදාන්ත මෙන්ම සුඛාන්ත නිර්මාණ කරුවෙකි.නමුත් ඔහු වඩාත් ප්‍රකට වනුයේ ඛේදාන්ත නිර්මාණ කරුවෙකු ලෙසටයි.ග්‍රීකයේ සිටි ශෝකාන්ත නිර්මාණ කරුවෙකු වූ සොෆොක්ලීස්ගෙන් පසුව බිහි වූ උත්කෘෂ්ට නිර්මාණ කරුවෙකු ලෙස මොහු හැදින්විය හැකිය.                       ඔහුගේ සමස්ථ නිර්මාණ  ලෙස,   ...

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

                                                    සම්මුඛ සාකච්ඡා. දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම අතර සම්මුඛ සාකච්ඡා වලට හිමි වන්නේ සුවිශේෂී තැනකි.ජනසන්නිවේදනය හා ජනමාධ්‍යය පර්යේෂණයන්හිදී මෙම ශිල්පීය ක්‍රමය භාවිතා කරන්නට විය.සම්මුඛ සාකච්ඡාව පවත්වාගෙන යාමට තිබිය යුතු ගුණාංග රාශියකි.ඒවා අතර ප්‍රතිග්‍රාහකයා පිළිබද අවබෝධය සුවිශේෂී වේ.තවද පර්යේෂකයා අසනු ලබන ප්‍රශ්නයන් උචිත විය යුතුය.මෙකී සම්මුඛ සාකච්ඡා සෑම විටම භාවිතා කළ  නොහැක.මූලිකව සම්මුඛ සාකච්ඡා ආකෘති දෙකකි.එනම් ආකෘතිමය සම්මුඛ සාකච්ඡා  අනාකෘතිමය සම්මුඛ සාකච්ඡා                                  මේවාද තවත් කොටස් 2 ට වර්ග කෙරේ.එනම් අභිමුඛ සම්මුඛ සාකච්ඡා අනභිමුඛ සම්මුඛ සාකච්ඡා          ආකෘතිමය සම්මුඛ සංඛ්‍යයා යනු කලින් ගොඩ නගා ගන්නා ලද ආකෘතියකට අනුව ප්‍රශ්න විචාරීමයි.මෙහි...