යුරෝපයේ මධ්‍යතන යුගයේ සාහිත්‍යය.
යුරෝප මධ්‍යතනයේ සාහිත්‍යය.
ශේක්ස්පියර්ගේ ශෝකාන්තයන් -
![]() |
විලියම් ශේක්ස්පියර්. |
යුරෝපයේ ඇති වී තිබුණු අදුරු යුගයේ නිමාවත් සමග එලබුණ පුනරුදයත් සමග යුරෝපය තුළ විශාල පිබිදීමක් ඇති වුණි.ඒ අතුරින් සාහිත්‍යය පිබිදීම සමාජය තුළ විශාල වෙනසක් ඇති කළේය.ලෞකිකත්වයට යළිත් ඉඩ හසර වෙන් විය.නිර්මාණකරුවන්ට තම නිර්මාණ එලි දැක්වීමට පූර්ණ නිදහස හිමි විය.ඒ අනුව ඉංග්‍රීසි සාහිත්‍යය තුළ දිදුළන තාරකාවක් ලෙස ඇවොන්හි වෝර්වික්ෂයර්හිදී 1564 දී උපත ලද විලියම් ක්ෂේස්පියර්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඔහු යුරෝපයේ ඛේදාන්ත මෙන්ම සුඛාන්ත නිර්මාණ කරුවෙකි.නමුත් ඔහු වඩාත් ප්‍රකට වනුයේ ඛේදාන්ත නිර්මාණ කරුවෙකු ලෙසටයි.ග්‍රීකයේ සිටි ශෝකාන්ත නිර්මාණ කරුවෙකු වූ සොෆොක්ලීස්ගෙන් පසුව බිහි වූ උත්කෘෂ්ට නිර්මාණ කරුවෙකු ලෙස මොහු හැදින්විය හැකිය.
ඔහුගේ සමස්ථ නිර්මාණ ලෙස,
- හැම්ලට් (ඩෙන්මාර්කයේ කුමරා)
- ඔතෙලෝ (වැනීසියේ යවනයා )
- මැක්බත්
- ජුලියස් සීසර්
- ලියර් රජ
- රෝමියෝ ජුලියට්
- 4 වන හෙන්රි
- 2 වන රිචඩ්
ඒ අනුව මේ අතුරින් සුප්‍රකට ඛේදාන්තයන් ලෙස හැම්ලට්,ඔතෙලෝ,මැක්බත්,ලියර් රජ,රෝමියෝ ජුලියට් ආදී නිර්මාණයන් හැදින්විය හැකිය.
ඔහුගේ ප්‍රථම ශෝකාන්ත නිර්මාණය ලෙස රෝමියෝ ජුලියට් හැදින්විය හැකිය.මෙය ඉතාලියානු මූලාශ්‍රයක් ඇසුරු කර ගෙන නිර්මාණය කර ඇත.මොහු ඉංග්‍රීසි ජාතික කවියෙකු මෙන්ම නාට්‍යය රචකයෙකි.ඔහු මෙතෙක් බිහි වූ විශිෂ්ටතම නාට්‍යය කරුවාය.ඔහුගේ නාට්‍යය කෘතීන් මේ වන විට ප්‍රධාන භාෂාවන් කිහිපයකට පරිවර්ථනය වී ඇත.
ඔහුගේ ඩෙන්මාර්කයේ කුමරා හෙවත් හැම්ලට් ස්කොට්ලන්තයේ කථා පුවතක් පාදක කරගෙන රචනා කරනු ලැබුවේය.එය වනාහි සමාජයේ නොයෙකුත් පැතිකඩයන් පෙන්නුම් කරන්නකි.මානුෂික ගුණාංගයන් මින් ඉස්මතු වේ.එනම් තනතුරු ආශාව,වෛරයෙන් වෛරය නොසන් සිදීම,අවි ගත්තෝ අවියෙන්ම නැසීම,පළිගැනීම ආදී ගුණාංගයන්ය.එහි එන චරිත ලෙස,
- ගර්ට්රුට් බිසව (ඩෙන්මාර්කයේ රැජින)
- ඩෙන්මාර්කයේ රජු
- ක්ලෝඩියස්
- ඔෆීලියා (හැම්ලට්ගේ පෙම්වතිය)
- හැම්ලට්
- ලෙයාටස්(ඔෆීලියාගේ සහෝදරයා)
- හොරෝෂියෝ
ක්ෂේස්පියර්ගේ ප්‍රහසන නාට්‍යය අතුරින් දොළොස් වෙනි රාත්‍රියට හිමි වන්නේ සුවිශේෂී තැනකි.එයට එසේ නම් තබනු ලැබුවේ එය නත්තල් දින පසු වී එළඹි දොළොස් වෙනි රාත්‍රියේදී වේදිකා ගත කර හෙයිනි.ඔහු මනුශ්‍යාගේ යථා ස්වරූපය තම නිර්මාණ තුළින් එළි දැක්වූයේය.
ජුලිියස් සීසර් තුළින් නපුරු පාලකයන්ට අත් වන ඉරණම ද,ලියර් රජ තුළින් මා පිය දූ දරු සබදතා හා එහි ඛේදනීය අවස්ථාවන් පෙන්නුම් කරයි.
ඔහුගේ ඛේදනීය ප්‍රේම වෘතාන්තයක් වන රෝමියෝ ජුලියට් මගින් ප්‍රේමයට හරස් වන සාම්ප්‍රදායික පාරම්පරික බාදාවන් විග්‍රහ කරමින් ප්‍රේමයේ සුන්දරත්වය ඉතා රසවත් ආකාරයට පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.
“ ප්‍රේමය දුමාරය සුසුමින් නැගුණු දුමාරය
ප්‍රේම ගින්නෙන් පෙළෙන පෙම්වතුන්ගේ
ඇසින් ඇද හැලුණු දුමකි
ප්‍රේමය පෙම්වතුන්ගේ ඇසින් ගිලුණ කදුළින්
පෝෂණය වූ මහා සයුරකි......
(රෝමියෝ ජුලියට්)
ඔහුගේ අග්‍රගණ්‍යය නිර්මාණයන් පහත අයුරින් හදුනා ගනිමු.
හැම්ලට්...
මෙය ඔහුගේ තවත් එක් දුඛාන්ත නිර්මාණයකි.ඩෙන්මාර්කයේ කුමරා යනුවෙන්ද හදුන්වන මෙය අවසන් වනුයේ ශෝකාන්තයකිනි.ඛේදනීය ඉරණමකිනි.ඩෙන්මාර්කයේ රජු උපක්‍රමශීලීව මරුමුවට පත් කර ක්ලෝඩියස් රජු ඩෙන්මාර්ක රජු බවට පත් වේ.ඉන් පසුව ගර්ට්රූට් බිසව හෙවත් ඩෙන්මාර්කයේ රැජින සමග එක්ව රාජ්‍ය කටයුතු සිදු කරයි.හැම්ලට් යනු ඩෙන්මාර්ක රජුගේ පුතණුවන්ය.ඩෙන්මාර්ක රජුගේ මරණය පිළිබද ඔහුට යම් සැකයක් මතු වුණි.ඔය අතර රජ වාසලේ සිටිය එවුන්ට ක්ලෝඩියස් රජුගේ අවතාරය නිරීක්ෂණය වන්නට විය.
Comments
Post a Comment