ග්‍රීක දාර්ශනිකයන්ගේ සාහිත්‍යය විචාරයන්.


 ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ ග්‍රීක සාහිත්‍යය       නිර්මාණයන් පිළිබද විචාරය.... 



       ග්‍රීක යුගයේ සිටි ප්‍රබල දාර්ශනිකයෙකු ලෙස ප්ලේටෝ හැදින්විය හැකිය.ඔහු විශිෂ්ඨ සාහිත්‍යය විචාරකයෙකි.ග්‍රීක සාහිත්‍යය තුළ නිර්මාණය වූ නිර්මාණයන් ප්‍රබල ලෙස විචාරයට ලක් කළේය.මොවුන්ගේ මෙම විවේචනයන් බටහිර සාහිත්‍යය හා එහි විචාරය සකස් වීමට හේතු සාධක විය.
     ප්ලේටෝගේ විචාරය.. 

           ප්ලේටෝගේ පරමාර්ථය වූයේ සත්‍යය ගවේෂණයයි ,පරමාදර්ශී රාජ්‍යයක් ස්ථාපිත කිරීමයි.ඒ සදහා ඔහුගේ සංවාදයන් ඇතුළත් වන්නේ The Republican (ජන රජය )නම් වූ පොතේය.ස්වකීය කෘතිය තුළ ඔහු කලාව පිළිබදව නොයෙකුත් අදහස් පල කර ඇත.එහිදී ඔහු පවසනුයේ සියලු කලා නිර්මාණයන් ජනතාව වෙත සත්‍යය ඉදිරිපත් කළ යුතු බවත් නිර්මාණකරුවා සෑම විටම සත්‍යයම දන්නෙක් විය යුතු බවත්ය.එහිදී ඔහු විසින් සමාජ සුචරිතයට හානි වන දෑ, නරක හැගීම් ආදිය  ප්‍රේක්ෂකයා තුළ නිර්මාණයන් තුළින් ඇති නොකළ යුතු බවත් පැවසු‍වේය.සාහිත්‍යය කරුවා පුරවැසියන්ගේ තත්ත්වය තේරුම් ගෙන ඔවුන් තුළ පැන නගිනා ගැටලු සදහා පිළිතුරු සැපයීමක් තම නිර්මාණ තුළින් සිදු කළ යුතු බව ප්ලේටෝ පැවසුවේය.ප්ලේටෝ තම පරමාදර්ශී රාජ්‍යය්‍ෙ පාලකයා දාර්ශනිකයෙකු විය යුතු බව පැවසුවේය.
                           කලාව සම්බන්ධයෙන් ඔහුගේ මතය වූයේ සත්‍ය නොදත් පිරිසක් විසින් අසත්‍යය ප්‍රකාශ කිරීම සදහා යොදා ගන්නා කූට උපක්‍රමයක් බවයි.ඔහු පැවසුවේ කාව්‍යය ඇතුළු සමස්ථ නිර්මාණයන් සමාජයෙන් ඉවත් කළ යුතු බවයි.කාව්‍යය තම 
                                             

Comments

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......