උපන්‍යාසය.
පර්යේෂණ ක්‍රියාවලියේ වැදගත් වන විද්‍යාත්මක උපන්‍යාසය.
කල්පිතය,පරිකල්පනය යනුවෙන් හදුන්වන විද්‍යාත්මක උපන්‍යාසය පර්යේෂණයකදී ඉතා වැදගත් වේ.ජනමාධ්‍යය සමාජ විද්‍යාත්මක පර්යේෂණයක උපන්‍යාසයක් තිබිය හැකිය.ඇතැම් විට තිබිය නොහැකිය.මෙහිදී විද්‍යාත්මක බව තිබිය යුතුය.මෙහිදී මූලිකවම what,when,why,how many,how much යන්නට උත්තර සෙවිය යුතුය.දැනුමක් නොමැතිව උපන්‍යාසයක් ගොඩ නැගිය නොහැකිිය.යම් කිසි ගැටලුවක් ගෙන ඊට පිළිතුරු විවිධ හේතූන් ඉදිරිපත් කරමින් තර්ක විතර්කයන් කරමින් විශ්ලේෂණය කළ යුතුය.එවිට එම ගැටලුවෙන් අපට ඉවත් විය හැකිය.
අදාළ ගැටලුව පිළිබදව විමර්ෂණය කිරීමට නම් සාහිත්‍යය විමර්ෂණයක් තිබිය යුතුය.මනා දැනුමක් තිබිය යුතුය.පර්යේෂකයා හොදින් පොත පත ඇසුරු කළ යුතුය.මිනිසුන්ගේ ප්‍රකාශයන් ද මිට අයත් වේ.ඒ අනුව එසේ ලබා ගන්නා දැනුම තුළින් අපට යම් යම් උපකල්පනයන්ට එළඹිය හැකිය.මෙහිදී දැනුමම පමණක් හේතු සාධක නොවේ.යම් යම් සංසිද්ධීන් ද විශ්ලේෂණය කළ හැකිය.එනම් එම සිද්ධිය කොහොමද සිදු වුණේ යන්න පර්යේෂකයා සොයා බැලීමයි.
උ.දා. පාරසරික සංසිද්ධීන් විශ්ලේෂණය කළ හැකිය.සිද්ධිය පාර හරහා ලයිට් කණුවක් කඩා වැටීමනම් අපගේ උපකල්පනය ඊයේ හයියෙන් වැහැපු වැස්ස අපට ගත හැකිය.
එහෙම දෙයක් වෙන්නැති යනුවෙන් උපකල්පනය,උපන්‍යාස ගොඩ නැංවිය හැකිය.මෙහිදී යම් ගැටලුවකට උපන්‍යාස කිහිපයක් තිබිය හැකිය.
උ.දා- හැමදාම පත්තර බැලීමට කඩේට එන අබරන් සීයා දවස් කිහිපයක්ම කඩේට නොපැමිණීම සිද්ධිය ලෙස ගත් විට එහිදී අපට උපකල්පනයන් කිහිපයක්ම ගොඩ නගා ගත හැකිය.එනම් සීයා ලෙඩ විම,කුමන හෝ අනතුරක් සිදු වීම,කොහේ හෝ දුර ගමනක් යාම ආදී වශයෙනි.
මෙහිදී මානව සබදතා හොදින් අධ්‍යයනය කළ යුතුය.පර්යේෂකයාට හිතුමතේට උපන්‍යාස ගොඩ නැංවිය හැකිය.නමුත් එවිට පර්යේෂණය සාර්ථක නොවේ.යම් කිසි විද්‍යාත්මක පදනමක පිහිටා උපන්‍යාස ගොඩ නංවා ගත යුතු වේ.උපන්‍යාස සහිත පර්යේෂණ සිදු කිරීමේදී ඒ සදහා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනිවාර්ය වේ.උපන්‍යාසයක් ගොඩ නැංවීමේදී දැනුම කේන්ද්‍රනය කළ යුතුය. එනම් විචල්‍යය සම්බන්ධ දැනුම අපට තිබිය යුතුය.එලෙස උපන්‍යාස ගොඩ නැංවීම තුළින් අප සාර්ථක පර්යේෂණයක් ආරම්භ කරනු ලබයි.උපන්‍යාසය සාර්ථකව ගොඩ නගා නැතිනම් කරන ලද පර්යේෂණය සාර්ථක නොවේ.මෙහිදී විචල්‍යයන් අතර පවත්නා සබදතාව අප විශ්ලේෂණය කළ යුතුය.
එමෙන්ම උපන්‍යාස ගොඩනගා ගැනීමේදී පර්යේෂණයක් සිදු කළ හැකි සාර්ථක එකක් ගොඩ නගා ගත යුතුය.උපන්‍යාස වෙනස් විය හැකිය.එය ගතික වේ.උපන්‍යාසයක් වනාහි සියයට සියයක් සත්‍ය නොවේ.නමුත් අපි උපන්‍යාසය සියයට සියයක් සත්‍යය වන ආකාරයට සාදා ගත යුතුය.එය පර්යේෂණය අවසානය දක්වා රැදී සිටී.උපන්‍යාසය මගින් පර්යේෂණයේ දිශානතිය පෙන්නුම් කරයි.එය පර්යේෂණයේ අවසානය දක්වා රැදී සිටී.අප විසින් උපන්‍යාසය ගොඩ නගන්නේ තුන් වන පියවරේදී වුවත් එය මුල සිට අවසානය දක්වා රැදී පවතී.
" විචල්‍යයන් දෙකක් අතර අන්තර් සබදතාවය හෙළිදරව් කිරීම උපන්‍යාසයක මූලික අරමුණයි."
තවද තාර්කික උපන්‍යාසයක් ගොඩනැංවීමේදී උද්ගාමී හා නිගාමී තර්කන ක්‍රමයන් ඉතා වැදගත් වේ.උද්ගාමී තර්කන ක්‍රමය යනු,විශේෂීකරණයක් තුළින් සාමාන්‍යකරණයක් ලබා ගැනීමයි.
උ.දා. ඇමරිකාවේ සිටින හංසයින් සුදු පාටය.
ඕස්ට්‍රේලියාවේ සිටින හංසයින් සුදු පාටය.
ඉන්දියාවේ සිටින හංසයින් සුදු පාටය.
" එමනිසා සියලු හංසයෝ සුදු පාටය.'
නිගාමී තර්කන ක්‍රමය යනු,මිනිස් බුද්ධියෙන් ගොඩනගා ගන්නා සාමාන්‍යකරණයක් ඇසුරින් සුවිශේෂී නිගමනයක් ලබා ගැනීමයි.
උ.දා - "සියලු දාර්ශනිකයෝ බුද්ධිමත්ය "
- සොක්‍රටීස් දාර්ශනිකයෙකි.
-එම නිසා සොක්‍රටීස් බුද්ධිමත්ය.
උපන්‍යාසයක ලක්ෂණ....
'ජීවියා දෙවියන්ගේ නිර්මාණයකි.'
මෙය විද්‍යාත්මක උපන්‍යාසයක් නොවන අතර,
'තෙතමනය ඇති තැන යකඩ මළ කයි.' මෙය විද්‍යාත්මක උපන්‍යාසයකි.උපන්‍යාසයේ මූලික අරමුණ ගැටලුවට පිළිතුරක් සෙවීමයි.තවද උපන්‍යාසයක මූලික අරමුණක් වනුයේ ඵලයයි.
හේතුව → ඵලය
couse Effect
( Independent ( Out Come )
Variable)
උපන්‍යාසයක් ගොඩ නැංවීමට නම් හේතුවක් හා ඵලයක් තිබිය යුතුය.මූලික වශයෙන් පර්යේෂකයා උපන්‍යාසයක්,

- පර්යේෂණයට භාජනය කළ හැකි එකක් විය යුතුය.
- නිවරැදි අන්තර්ගතයක් තිබිය යුතුය.
- සඵලත්වයෙන් යුක්ත විය යුතුය.
- නිර්මාණශීලී විය යුතුය.
- එහි තාර්කික බවක් තිබිය යුතුය.
- එය සරල එකක් විය යුතුය.
- මිනිය හැකි එකක් විය යුතුය.
- ස්වායත්ත හා පරායත්ත විචල්‍යයන් අන්තර්ගත විය යුතුය.
- භාෂාව නිවැරදි එකක් විය යුතුය.
'ජීවියා දෙවියන්ගේ නිර්මාණයකි.'
මෙය විද්‍යාත්මක උපන්‍යාසයක් නොවන අතර,
'තෙතමනය ඇති තැන යකඩ මළ කයි.' මෙය විද්‍යාත්මක උපන්‍යාසයකි.උපන්‍යාසයේ මූලික අරමුණ ගැටලුවට පිළිතුරක් සෙවීමයි.තවද උපන්‍යාසයක මූලික අරමුණක් වනුයේ ඵලයයි.
හේතුව → ඵලය
couse Effect
( Independent ( Out Come )
Variable)
උපන්‍යාසයක් ගොඩ නැංවීමට නම් හේතුවක් හා ඵලයක් තිබිය යුතුය.මූලික වශයෙන් පර්යේෂකයා උපන්‍යාසයක්,
- පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන්
- න්‍යාය මූලික කරගෙන
- සංස්කෘතිය ආශ්‍රයෙන් ගොඩ නගා ගත හැකිය.
සාමන්‍ය උපන්‍යාස ගැන විස්තර ටිකක් ඔ්න
ReplyDeleteඉතා ම වැදගත් ලිපියකි ඔබතුමාට තෙරුවන් සරණයි
ReplyDeleteහොඳ අවබෝධයක් ලැබුණා උපන්‍යාස සම්බන්ධයෙන්.ගොඩක් ස්තූතියි
ReplyDeleteResearch methodology subject එක ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ට ඉතාම වැදගත් ලිපියක්
ReplyDeleteබොහොම පින් ඔබ තුමාට ..
ReplyDeleteඇත්තටම වටිනවා මේ දේ
ReplyDeleteඋද්ගාමී නිගාමී තර්ක gana එකක් දාන්නකෝ ස්ර්
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDelete👍👍👍🙏
ReplyDeleteසෑම පරීක්ෂණයක් තුළින් ම උපන්‍යාසයට පක්ෂව හෝ විපක්ෂව කරුණු විමසන්නේ කෙසේද
ReplyDelete