රුසියන් සාහිත්‍යයෙහි නොනිම් තාරකාව ලියෝ ටෝල්ස්ටෝයි ....


       
                රුසියන් සාහිත්‍යයෙහි අග්‍රගණ්‍යය නිර්මාණකරු ලියෝ ටෝල්ස්ටෝයි හා ඔහුගේ නිර්මාණයන්....

      ලියෝ ටෝල්ස්ටෝයි 
            
                 
                 1828 දි යස්නායා පොල්යානා නම් ගමේදී ටෝල්ස්ටෝයි ඉපදුනේය.සිටු පවුලකට දාව ජන්ම ලාබය ලත් ටෝල්ස්ටෝයිගේ දෙමව්පියෝ ඔහු කුඩා කාලයේදීම මිය ගියෝය.අම්මාත් තාත්තාත් නොමැතිව ඔහු හැදී වැඩුණේ තම නැන්දනිය ළගය.ඇය තත්යානා නම් විය.ඇය ඔහුව දිරිමත් කරාය.ටෝල්ස්ටෝයි අදේවවාදියෙකු විය.ඔහුගේ නිර්මාණ අතුරින් ,

  • යුද්ධය හා සාමය .
  • ඇනා කැරනිනා.
  • ප්‍රේමය හා ශෝකය .
  • දුප්පත්කම.
  • ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන.
  • ළදරු විය හා ළමා විය.
  • ඉවාන් ඉලීච්ගේ මරණය.               
                       1851 දී ඔහු යුද හමුදාවට එක් වූයේය.ඔහු යුද හමුදාවේ ඉන්න කාලයේදීම එනම් 1852 දී ප්‍රථම නව කථාව පල කරන්නට විය.ඒ සදහා ඔහුට පාදක වූයේ ඔහුගේ ළමා වියයි.තමන් ලද අත්දැකීම් විවරණය කරමින් ඔහු ලියූ එම අපූරු කථාව ළමා වියේ කදිම චිත්‍රයක් විය.ළමා විය අළලා බොහෝ ලේඛකයින් නව කථා පළ කර තිබුණද ටෝල්ස්ටෝයිගේ childhood කෘතිය වඩා අපූර්වත්වයකින් කැපී පෙනුනි.එය සමකාලීන රුසියානු සමාජයේ ද කදිම චිත්‍රයක් විය.නමුත් මේ කුළුදුල් සාහිත්‍යය කෘතිය පළමුව පාඨකයා අතරට ගියේ පොතක් වශයෙන් නොවේ.එවක පීටර්ස්බර්ග් හි පල වූ හොදම මාසික ප්‍රකාශනය වූ contemporary සගරාවේ කොටස් වශයෙනි.නමුත් එහි ඔහුගේ නම පල වූයේ ලියෝ ටෝල්ස්ටෝයි යන නාමයෙන් නොව “එල්.එන්  යන නාමයෙනි.එනම් ලියෝ නිකොලොවිච් යන්නයි.එම නම කිසිවෙක් දැන සිටියේ නැත.
                                              ඔහු childhood ට අමතරව Boyhood යනුවෙන් නව කථාවක් ද තවත් කෙටි කථා කිහිපයක් ද රචනා කළේ ය.
ඔහු 1862 දී සොෆියා ආන්ද්‍රයෙව්නා සමග විවාහ විය.විවාහයෙන් පසු ඔහු යුද්ධය හා සාමය නම් නව කථාව රචනා කරන්නට විය.මෙහි අන්තර්ගත වූයේ 1805 දී රුසියාව ආක්‍රමණය කිරීමට පැමිණි ප්‍රංශ රණ ශූර නැපෝලියන්ගේ සටන්ය.එය යුරෝපය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.එපමණක් නොව ඒ පිළිබදව විවිධ මත වාද,විවේචනයන් ඇති වුණි.එම කෘතිය මගින් යුරෝපයේ හා රුසියාවේ දේශපාලන තත්ත්වය විද්‍යමාන කරයි.
                    ඉන් පසුව 1873 දී ලියෝ අලුත් නව කථාවක වැඩ පටන් ගත්තේය.ඒ සදහා ඔහුව පෙළඹුවේ යස්නායා පොල්යානා අසළදී දුම්රියට පැන සිය දිවි නසා ගත් විවාහක කාන්තාවක පිළිබද සිද්ධියකි.ඇගේ මරණය පිළිබද මරණ පරීක්ෂණ සිදු කරන මොහොතේදී ලියෝ එම ස්ථානයට ගොස් සිටියේය.මෙම කාන්තාව සිය දිවි හානි කර තිබුණේ තම සැමියාගේ රහස් ප්‍රේමයක් පිළිබද දැන ගැනීමෙනි.ඊට අමතරව මෙම නව කථාව මගින්,

  • රුසියානු රදළ සමාජය පිළිබදව
  • එකී සමාජයේ ස්ත්‍රී පුරුෂ චර්යාවන්
  • ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන්  ආදිය මැනවින් විවරණය විය  .                    

          එහි එන ලෙවින් චරිතය ලියෝ ටෝල්ස්ටෝයිගේ බවට එක් මතයකි.ලෙවින් යනු ප්‍රබල දාර්ශනික මත දැරූ දර්ශන වාදියෙකි.ඔහු දාර්ශනික අයුරින් තම ජීවිතය විවරණය කරන්නට උත්සාහ ගත්තේය.ඒ අනුව ඇනා කැරනිනා යනු පුද්ගලයාගේ මානසික ස්වභාවයන් පිළිබද ගැඹුරු විවරණයක යෙදෙනා  අපූරු නව කථාවකි.මෙහි ඇනා යනු වංශවත් පවුලකට අයත් රූමත්,පැහැපත් කාන්තාවකි.ඇලෙක්සි ඇලෙක්සැන්ඩ්‍රොවිච් යනු ඇනාගේ සැමියාය.ඔහු ඇයට වඩා අවුරුදු 10ක් පමණ වැඩි මහල් විය.වැඩ අධික වූ පුද්ගලයෙක් විය.ඒ හේතුවෙන් ඔහුට ඇනා පිළිබදව බැලීමට කාලයක් ඉතිරි නොවුණි.ආදරය දැක්වීමට අවස්ථාවක්නොලැබුණි.ඇලෙක්සි දේශපාලනය පිළිබදව දැඩිව උනන්දු වූවෙකි.එබැවින් ඔහු දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රබල චරිතයක් බවට පත් විය.
                       සිය සැමියාගෙන් ආදරය නොලැබෙන විට ඇය වෙනත් තරුණයෙකුගේ ආදරය පතන්නට විය.

                                          ඇනා කැරනිනා ...               
                     
           
  

Comments

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......