දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

                   
                                සම්මුඛ සාකච්ඡා.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම අතර සම්මුඛ සාකච්ඡා වලට හිමි වන්නේ සුවිශේෂී තැනකි.ජනසන්නිවේදනය හා ජනමාධ්‍යය පර්යේෂණයන්හිදී මෙම ශිල්පීය ක්‍රමය භාවිතා කරන්නට විය.සම්මුඛ සාකච්ඡාව පවත්වාගෙන යාමට තිබිය යුතු ගුණාංග රාශියකි.ඒවා අතර ප්‍රතිග්‍රාහකයා පිළිබද අවබෝධය සුවිශේෂී වේ.තවද පර්යේෂකයා අසනු ලබන ප්‍රශ්නයන් උචිත විය යුතුය.මෙකී සම්මුඛ සාකච්ඡා සෑම විටම භාවිතා කළ 
නොහැක.මූලිකව සම්මුඛ සාකච්ඡා ආකෘති දෙකකි.එනම්

  1. ආකෘතිමය සම්මුඛ සාකච්ඡා
  2.  අනාකෘතිමය සම්මුඛ සාකච්ඡා                                
මේවාද තවත් කොටස් 2 ට වර්ග කෙරේ.එනම්


  1. අභිමුඛ සම්මුඛ සාකච්ඡා
  2. අනභිමුඛ සම්මුඛ සාකච්ඡා       
ආකෘතිමය සම්මුඛ සංඛ්‍යයා යනු කලින් ගොඩ නගා ගන්නා ලද ආකෘතියකට අනුව ප්‍රශ්න විචාරීමයි.මෙහිදී විවෘත හා ස්ථාවර ප්‍රශ්න අසයි.
Best හා kahn  ගේ අදහස වන්නේ මනා ලෙස පුහුණු වූ පර්යේෂකයන් විසින් ක්‍රියාවට නගන සම්මුඛ සංඛ්‍යා අනෙකුත් සියලුම දත්ත රැස් කිරීමේ ක්‍රම ශිල්ප වලට වඩා ඉතා ඉහළ මට්ටමක ලා සැළකිය හැකි බවයි.එවැනි වූ ඉතා හොද මට්ටමේ සම්මුඛ සාකච්ඡාවක් පුද්ගලයකුගේ දැනුම අදහස් හා විශ්වාසයන් ගවේෂණය කිරීමේ කලාවක් හා විද්‍යාවක් ලෙස හදුන්වා දිය හැකිය.

සම්මුඛ සාකච්ඡා වර්ග කිහිපයකි.

  1. ඉලක්ක සම්මුඛ සාකච්චා
  2. සායනික සම්මුඛ සාකච්චා
  3. ස්වතන්ත්‍ර සම්මුඛ සාකච්චා
  4. පුනරුක්ත සම්මුඛ සාකච්ඡා
  5. හැගීම් මතු කරන සම්මුක සාකච්ඡා
  6. ප්‍රශ්න කිරීමෙන් දත්ත සෙවීමේ සම්මුඛ සාකච්ඡා     
        
         

     ඉලක්ක සම්මුඛ සාකච්ඡා යනු දත්ත දායකයාට යම් කිසි අනුභූතියක් ලබා දී එමගින් අදාල ප්‍රශ්නයන් විමසීමයි.මෙමගින් පර්යේෂකයා තමාගේ අරමුණු, අභිමාර්ථ,ඉලක්ක සපුරා ගනී.මෙහිදී යම් නියදියකට චිත්‍ර පටියක්,වීඩියෝවක්,හඩ පටියක් බැලීමට හෝ ඇසීමට සලස්වයි.ඒ තුළින් නොයෙක් ප්‍රශ්න ආදිය විමසයි.
                           සායනික සම්මුඛ සාකච්ඡා බොහෝ දුරට මනෝවිශ්ලේෂකයින් භාවිතයට ගනු ලබයි.කෙසේ හෝ ලෙන්ගතු කමින් ප්‍රශ්න විමසමින් තොරතුරු ලබා ගැනීමක් සිදු කරයි.අපරාධ කරුවන්ගෙන් ප්‍රශ්න විමසීම සදහා භාවිත කරනුයේ මෙම සම්මුඛ සාකච්ඡාවන්ය.ඊට අමතරව මානසික රෝගීන්ගෙන්,කාන්තාවන්ගෙන් (ලිංගික,පවුල් ජීවිතය හා සම්බන්ද ගැටලු) ප්‍රශ්න  විමසනු ලබයි.මෙහිදී ලෙන්ගතු කම ඉතා වැදගත් වේ.
                                      ස්වතන්ත්‍ර සම්මුඛ සාකච්ඡා යනු දත්ත දායකයාට නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ හැරීමයි.එහිදී එම දත්තයන් ප්‍රකාශ කිරීමේදී පර්යේෂකයා විසින් දත්ත දායකයා දිරි ගැන්වීමේ පාඨයන් කියනු ලබයි.එනම් ඉතින් ඉතින්....,ඊට පස්සේ..,තව ටිකක් ඒ ගැන විස්තර කියන්නකෝ ...ම්.... ආදී වචනයන් ප්‍රකාශ කරයි.
                                    පුනරුක්ත සම්මුඛ සාකච්ඡා යනු අනෙකුත් සම්මුඛ සාකච්ඡාවන්ට වඩා මුදල්,කාලය හා ශ්‍රමය වැය වන ක්‍රමයකි.ඇමරිකානු ජනාධිපති තරගයකදී පෝල් ලැසාර්ස්ෆෙල්ඩ් මෙම ක්‍රමය භාවිතයට ගත්තේය.මෙහිදී ඡන්ද දායකයා මුල සිට ඡන්දය දෙන  අවස්ථාව දක්වා නැවත නැවත සම්මුඛ සාකච්ඡාවට භාජනය කිරීමක් සිදු වුණිග
                      හැගීම් මතු කරන සම්මුඛ සාකච්ඡා වලදී මිනිසා තුළ යටපත් වී ඇති නොයෙක් හැගීම් මතු කර ගැනීමක් සිදු කරයි.ඊර්ශ්‍යාව,වෛරය,ආදරය,අවිශ්වාසය කා තුළත් ඇති අතර ඒවා එළියට ගැනීමක් මෙහිදී සිදු කරනු ලබයි.
                
                උ.දා  
                      ලංකාවේ ජනාධිපති හෝ අගමැති සිංහල බෞද්ධයෙක්ම විය යුතුමද?
                   ප්‍රශ්න කිරීමෙන් දත්ත සෙවීමේ සම්මුඛ සාකච්ඡා පර්යේෂකයාට අවශ්‍යය දේ දැන ගැනීමට භාවිත කරයි.මෙහිදී පිළිතුරු එකිනෙකට වෙනස් නම් නැවත නැවත ප්‍රශ්න කරමින් දත්ත ලබා ගනී.මෙවැනි සම්මුඛ සාකච්ඡා පළපුරුදු ,දක්ෂ පර්යේෂකයකු විසින් සිදු කළ යුතුය.එසේ නොවුණ හොත් දත්ත දායකයාගේ අභ්‍යන්තර කාරණාවන් එළියට ගැනීමක් නොහැකි වේ.
              සම්මුඛ සාකච්ඡාවන් යනු ගුණාත්මක භාවය හෙළි කරන දත්ත රැස් කිරීමේ එක් ශිල්පීය ක්‍රමයකි.මින් මානව සමාජ ක්‍රියාවලිය තුළ මානසික,සමාජීය,කායික කාරණාවන් ගැඹුරු වශයෙන් අධ්‍යයනය කිරීමක් සිදු කරයි.මේ සදහා අනෙකුත් ශිල්පිය ක්‍රමයන්ද යොදා ගැනීමට හැකිය.නිරීක්ෂණය ඉන් එකකි.තවද ගුණාත්මක විචල්‍යන් පිළිබද පැහැදිලි අවබෝදයක් ලබා ගැනීමට හැකි වේ.  
      


                      

Comments

  1. ඉතාම එලදායක වුණා ස්තුතියි

    ReplyDelete
  2. Thank you very much for publishing such an article.. it was a very useful one.

    ReplyDelete
  3. ඇත්තමයි ගොඩක් වැදගත් වුණා.. බොහෝම ස්තූතියි.. 😊👍

    ReplyDelete
  4. සරල විදියට තෙරුම් කරලා...thanks..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

නියදිය යනු ......