CASE HISTORY AND CASE STUDY.
ප්‍රත්‍යෙක ඉතිහාස අධ්‍යයනය හා ප්‍රත්‍යෙක අධ්‍යයනය.
(CASE HISTORY AND CASE STUDY) ⇊
මේවා ජනමාධ්‍යය පර්යේෂණයන්ට දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රමයන්ය.මින් ප්‍රත්‍යෙක ඉතිහාස අධ්‍යයනය යනු ,යම් දෙයක හෝ යම් පුද්ගලයෙකුගේ ඉතිහාසය වැඩි දුර අධ්‍යයනය කිරීමකි.මෙහිදී කෙනෙකුගේ ජීවිතයට බලපාන ගැටළු තේරුම් ගැනීමට හැකි වේ.මෙහිදී පුද්ගලයාගේ ජිවන ඉතිහාසය මුළුමනින් අනාවරණය කර ගැනීමට හැකි වේ.එමෙන්ම ඇතැම් සමාජ සිද්ධීන් පිළිපබදව ගැඹුරින් අධ්‍යයනය කිරීමට හැකි වේ.
උ.දා. තරුණයින් මත්ද්‍රව්‍යය හා දුම් පානයට තදින්ඇබ්බැහි වූයේ ඇයි යන ප්‍රශ්නයට ප්‍රත්‍යෙක ඉතිහාස අධ්‍යනයක් කළ හැකිය.මෙහිදී මත් ද්‍රව්‍යය ගන්නා තරුණයින් සිය ගණනකින් 25ක් පමණ තෝරා ගෙන ඔවුන් මත් ද්‍රව්‍යය වලට යොමු වුනේ ඇයි යන්න ඔවුන්ගේ ඉතිහාසය විවර කළ හැකිය.
මෙහිදී එම තොරතුරු වලින් ලබා ගන්නා දත්තයන් මගින් පොදු නිගමන වලට එළඹිය හැකිය.මූලික වශයෙන් ප්‍රත්‍යෙක අධ්‍යයනයකදී දත්ත එකතු කරන ප්‍රධාන උපක්‍රම 2කි.
1.ප්‍රශ්නාවලි මගින්.
2.එම පුද්ගලයින්ට නිදහසේ තම මතය ප්‍රකාශ කිරීමට ඉඩ දීම.
ප්‍රත්‍යෙක ඉතිහාස අධ්‍යයනය පිළිබද ජෝන් ඩොලාර්ඩ් නැමැති විද්‍යාඥයා සදහන් කර ඇත්තේ ජීවන අත්දැකීම් දිගටම ගලාගෙන යන එකින් එකට සම්බන්ධ වූ එකක් ලෙස පෙන්නුම් කළ යුතුය.එනම් එකිනෙකට ගැළපෙන සේ සකස් වුණු සංකල්ප පදනමක් මත ප්‍රත්‍යෙක ඉතිහාස අධ්‍යයනය සංවිධානය කළ යුතු බව ඔහු පවසයි.මෙම ලක්ෂණය අනුගමනය කිරීමෙන් case history සාර්ථක වේ.
CASE STUDY(ප්‍රත්‍යෙක අධ්‍යයනය)
මෙම ක්‍රමයද දත්ත රැස් කිරීමේ එක් ශිල්පීය ක්‍රමයකි.මෙමගින් නිවැරදි ,තාර්කික නිගමන වලට එළඹිය හැකිය.බොහෝ විට නීති ක්ෂේත්‍රය තුළදී මෙම ක්‍රමය භාවිතා කරයි.ඒ අනුව මෙම ක්‍රමය අපරාධ විද්‍යාව,නීතිය සම්බන්ධ ක්ෂේත්‍රයන් තුළදී භාවිතා කරයි.1970 දී ඇමරිකාවේ හාවර්ඩ් නීති විද්‍යාලයේ උපත ලද මේ ක්‍රමය අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත.විනිශ්චය කරුවන් දෙනු ලබන තීරණයන් දෙනු ලබන්නේද මෙම ක්‍රමය තුළින්ය.මෙහිදී නඩුවේ පැමිණිල්ල ඇති වූයේ කොහොමද?,සාක්කි මොනවාද?,පාර්ශවයන් කවරහුද? යන ආදිය ප්‍රත්‍යෙක අධ්‍යයනයන් මගින් සිදු කරයි.කෙටියෙන් නඩුවේ ඉතිහාසය විග්‍රහ කොට තීන්දු තීරණ ලබා දීම මෙහි පරමාර්ථය වේ.
Comments
Post a Comment