සාහිත්‍යය ඉතිහාසය.



                                   
                                               ග්‍රීක සාහිත්‍යය .



      ලෝක සාහිත්‍යය යුග අතරින් ග්‍රීක සාහිත්‍යට හිමි වන්නේ සුවිශේෂී තැනකි.එය යුරෝපා සෞන්දර්යය කලාවේ තිඹිරි ගෙයයි.දෘශ්‍යය කාව්‍යයේ ප්‍රභවය ග්‍රීකය මුල් කරගෙන ඇති වුණි.දෘශ්‍යය කාව්‍යයන් බිහි වීම සදහා පාදක වූයේ ආගමික අභිචාර විදීන්ය.පුරාතන ග්‍රීකය බහු දේව වාදී විය.ඉර,ජලය,මුහුද,වර්ෂාව  ආදී ස්වාභාවික වස්තූන් සදහා දෙවිවරුන් සිටියේය.එමෙන්ම ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,මානය,ආදරය ආදී මානුෂික හැගීම් වලට අධිපති දෙවිිවරුද සිටියේය.
                             දේව මණ්ඩලයේ ප්‍රධානියා සීයුස් වූ අතර සීයුස්ගේ පුතා දියෝනියස් නම් විය.ඔහු සශ්‍රීකත්වයට,සාඵල්‍යතාවයට,මධ්‍යසාරයට  අධිපති දෙවියා විය.සරු අස්වැන්න ලැබීමෙන් පසු දෙවියන් උදෙසා ස්තෝත්‍ර,ගීතිකා ගයමින් නර්තනයේ යෙදෙමින් මිදි යුෂ පානය කරමින් දෙවියන්ට තුති පිදීම පිණිස ඇරඹුණු ආගමික අභිචාර විදි පසු කාලීනව දෘශ්‍යය කාව්‍යය නිර්මාණය සදහා දායක විය.ග්‍රීක සාහිත්‍යය පහත සංයුතියෙන් සමන්විතය.

  1. වීර කාව්‍යය
  2. පද්‍යය කාව්‍යය
  3. දෘශ්‍යය කාව්‍යය
  4. ග්‍රීක ඉතිහාස කථා
  5. ග්‍රීක දාර්ශනික සාහිත්‍යය               


                   වීර කාව්‍යය.
    ක්‍රි.පූ 9 හෝ 8 වන සියවස් වලට අයත් වීර කාව්‍යය දෙකකි.එනම්,
  1.   ඉලියඩ්
  2.    ඔඩිසි              
 මේවායේ කතු වූයේ රාජ සභා කවියෙකු වූ හෝමර්ය.මෙම කාව්‍යය දෙකටම වස්තු විෂය වූයේ ක්‍රි.පූ 15-12 කාලයේදී ග්‍රීසියේ පැවති යුධමය තත්ත්වයයි.ඉලියඩ් කාව්‍යයට හේතු සාධක වූ කථා පුවත වූයේ,පැරිස් නැමැති ට්‍රෝයි කුමාරයකු හෙලන් නැමැති ග්‍රීක කුමාරිකාවක් පැහැර ගැනීමේ සංසිද්ධියයි. එම යුද්ධයේදී ග්‍රීකයන් පෑ වීරත්වය,දේශ ප්‍රේමියත්වය,රණ ශූරත්වය හා ශික්ෂණය වර්ණනා කිරීම මෙම වීර කාව්‍යයන්ගේ පරමාර්ථය විය.




    පසුකාලීනව නිර්මාණකරුවන් තම නිර්මාණ සදහා මෙකී වීර කාව්‍යයන් උපයෝගී කර ගන්නට විය.
                       
                      පද්‍යය කාව්‍යය.
ග්‍රීක සාහිත්‍යය තුළ තවත් වැදගත් තැනක් ගන්නේ ග්‍රීක පද්‍යය කාව්‍යයි.ලොව පැරණිම පද්‍යය කාව්‍යය නිර්මාණකරු වූයේ ග්‍රීසියේ හිසියඩ් නම් කවියාය.ඔහු විසින් රචනා කරන ලද පද්‍යය කාව්‍යය 3කි.
                          

  1. ග්‍රීක දේව සංකල්පය.
  2. දේව උත්පත්තිය .
  3. දින චර්යාව.                   

                 මේ අතුරින් දින චර්යාව නම් පද්‍යය පංතිය මගින් ඔහු නොමග ගිය සිය සොහොයුරාට අවවාද කරයි.ඔහු මෙසේ කියයි.
                  
                   මායාවන් පසුපස නොයන්
                   අලසකම නිසා අග හිග කම ඇති වේ
                   අග හිග කම නිසා අනුන්ගේ පිහිට යැදීමට සිදු වේ
                   එමගින් ආත්ම ගරුත්වය හීන වේ
                   එමගින් ඇති අය කෙරේ වෛරයක් ඇති වේ .....

       ඊට අමතරව සැෆෝ නම් කිවිදියක්ද සිිටියේය.ඇය ආදරය,කරුණාව,ප්‍රේමය,ලිංගිකත්වය  පිළිබද කවි රචනා කරන්නට විය.සැෆෝගේ දෙමාපියන් ධනවත්  වූ නිසා ඇයට ඉගෙනීමට වරම් ලැබුණි.ඒ අනුව ඇය තවත් දැරියන් කිහිප දෙනෙක් සමග එක්ව අධ්‍යාපනය ලබන්නට විය.සැෆෝ කාන්තාවන්ට බෙහෙවින් ඇළුම් කරන්නට විය.ඇය සමලිංගිකත්වයට ද ජනප්‍රියත්වයක් ඉසිලුවේය.කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කරමින් ශෘංගාරාත්මක කවි පබදින්නට විය.කවි සදහා ඇය යුද්ධය,ආගම වස්තු විෂය කර නොගත්තේය.ඇයගේ නිර්මාණ සදහා පාදක වූයේ ශෘංගාරය හා ආදරයයි.
                    ග්‍රීකයේ දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ ඇයගේ ලගම හිතවතෙක් විය.ග්‍රීකයේ වැසියන් විශ්වාස කරේ කලාවට අධිපති දෙවියන් නව දෙනෙක් සිටින බවයි.නමුත් ප්ලේටෝ පැවසුවේ දස වෙනි දෙව් දුව සැෆෝ බවයි.ඇය කවි පොත් දහසක් පමණ කර ඇත.අද වන විට ඒවායේ සුන් බුන් වන පැපිරස් පත්‍ර සොයා ගැනීමට හැකිය.
                    ඇය විසින් ඇයව හැර ගිය තරුණියයකට ලියූ කවි පංතියක් පහත දැක්වේ.
                ඇනක්ටේරියා -
                                    “   මේ ගෙවී යන මොහොතේ ද
                                         මම ඔබ ගැනම
                                         ඔබ ගැනම සිහි කරමි...
                                         ඔබ දැන් බොහෝ දුරකය
                                         මේ මාවතේ දිව යන 
                                         යුධ රථද...
                                         මංගල රථ ද... 
              ඊට අමතරව ඇය විවාහ වී ඇයගේ දියණිය වෙනුවෙන් ද කවි රචනා කරන්නට වූවාය.

  දෘශ්‍යය කාව්‍යය. 
   
       සම්භාව්‍යය ග්‍රීක දෘශ්‍යය කාව්‍ය සම්භාව්‍යය සදහා පදනම වැටෙන්නේ  ආගමික අභිචාර විදීන්ය.ග්‍රීකයේ ප්‍රකට දෘශ්‍යය කාව්‍යය නිර්මාණකරුවන් අතර සුප්‍රකට නිර්මාණකරුවන් වූයේ ,

  •  ඊස්කිලස්
  • සොෆොක්ලීස්
  • යුරිපිඩීස්     යන අයයි.               

           දෘශ්‍යය  කාව්‍යය අතුරින් සුඛාන්ත හා දුඛාන්ත නිර්මාණයන්ට හිමි වන්නේ සුවිශේෂී තැනකි.ඉහත දැක්වූ නිර්මාණකරුවන් දුඛාන්ත නිර්මාණ කරුවන් වේ.ඒ අතුරින් සොෆොක්ලීස්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.ඔහුගේ නිර්මාණ අතුරින් 

  •  ඊඩිපස් රජ
  • ඇන්ටිගනී
  • කොලෝනස්හි ඊඩිපස් 
  • ඉලෙක්ට්‍රා
  • ඇජැක්ස්
  • පිලොක්ටිටිස්
  • ට්‍රැචිනී                                   

            ඊස්කිලස්  විසින් 
  • පර්සියන්වරු       
  • ඇගමෙම්නන්
  • යුමිනයිඩීස්
  • ඔරිස්ටියා (ඇගම්නොන්,යුමිනිඩීස්,ඛොයිෆොරොයි)

       යුරිපිඩීස් විසින් රචනා කරන ලද නිර්මාණ අතර , 
  • මීඩියා .
  • ද බැකේ .
  • ඉයෝන් .
  • හිපොලිටස් .
  • ඇල්සෙස්ටිස් .
  • ට්‍රෝජන් ගැහැණු     සුප්‍රකට නිර්මාණ වේ .              

            ග්‍රීකයේ මුලින්ම බිහි වූයේ ශෝකාන්තයන්ය.ඉන් පසුව සුඛාන්තයන් බිහි වුණි.මෙකී ශෝකී දුක්ඛාන්තයන් සදහා පාදක වූයේ ආගමික අභිචාර විදීන්ය.එනම් එකළ ග්‍රීක වැසියෝ දියෝනියස් නමින් පූජාවක් පැවැත්වූවෝය.එය වසන්ත කාලයාගේ එළබීමත් සමග සිදු විය.දියෝනියස් යනු සෞභාග්‍යයට,සශ්‍රීකත්වයට අධිපති දෙවියෙකි.ඔහු දේව මණ්ඩලයේ ප්‍රධානියා වූ සීයුස් දෙවියාගේ පුතණුවන්ය.
                                              ග්‍රීකයේ මිදි ඵලදාව නෙලන කාලයට මෙම උත්සවය උත්සවශ්‍රීයෙන් පැවැත්වූවේය.එහිදී මිදි මල් මාලා ගෙල පැලද ගෙන මිදි යුෂ පානය කරමින්,නටමින් ගයමින් විනෝද වෙමින් පෙරහැරේ ගමන් කරන්නට විය.දියෝනියස් දෙවිදුන්ගේ ප්‍රතිමාවක්ද එම පෙරහැරේ රැගෙන ගියේය.ග්‍රීක වැසියන් සිතුවේ මිදි යනු දෙවියන් විසින් ඔවුන්ට ලබා දුන් පළතුරක් බවයි.ඒ අනුව ඒවා පානය කිරීමෙන් දෙවියන් ඔවුන්ගේ ඇගට ආරූඪ වන බව විශ්වාස කළේය.
                                 
                                            මෙලෙස විනෝද වෙමින් පෙරහැරේ ඔවුන් ගමන් කළේ ස්තෝත්‍ර හා ගීත ගායනා කරමිනි.ඒ අනුව එය ග්‍රීකයේ දෘශ්‍ය කාව්‍යයන්ගේ ආරම්භය විය.දෘශ්‍ය කාව්‍යයන් සදහා ආංගික හා වාචික අභිනයන් එකතු වූයේ ඒ ආකාරයෙනි.
                                    ග්‍රීකයේ මුල්ම ශෝකාන්ත නාට්‍ය කරු වූයේ තෙස්පියස්ය.ඔහුගේ නාට්‍යයන් ඉතා සරල විය.එම නාට්‍යය සදහා එක නළුවෙකු පමණක් යොදා ගත්තේය.තෙස්පියස් ඔහුගේ නාට්‍යය සදහා නළුවා විය.පසුව නාට්‍ය නළුවන් තෙස්පියන් යන නාමයෙන් හදුන්වනු ලැබුවේය.
                         පසු කාලීනව ග්‍රීකයේ ශෝකාන්ත නාට්‍යය ත්‍රිමූර්තියක් පහළ විය.ඔවුන් පිළිවෙලින් ඊස්කිලස්,සොෆොක්ලීස් ,යුරිපිඩීස් නම් විය.තීබ ශෝකාන්ත නාට්‍යය ත්‍රිකය වූයේ සොෆොක්ලීස්ගේ

  1. ඊඩිපස් රජ .
  2. කොලොනස්හි ඊඩිපස්.
  3. ඇන්ටිගනී                                

                 යන නාට්‍යය ත්‍රිකයයි.මෙම කථා ත්‍රිත්වය එකිනෙකට බැදී පවතින කථා ත්‍රිත්වයකි.ඊස්කිලස් දෘශ්‍යය කාව්‍ය සදහා නාට්‍යය කරුවන් දෙදෙනෙක් හදුන්වා දුන් අතර සොෆොක්ලීස් එය තුන දක්වා වර්ධනය කළේ ය.

                           
.

                       
               





Comments

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......