ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.


       ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක                                          පර්යේෂණ.

  යම් විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමේදී අප විසින් ගැටළුවක් තෝරා ගෙන ඊට උපන්‍යාසයන් ගොඩ නගා ගනී.එම උපන්‍යාසයට අනුව අප දත්ත එක්රැස් කිරීමක් සිදු කරයි.එලෙස රැස් කර ගන්නා දත්ත ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් වර්ග කිරීමට හැකිය.ඒ අතුරින් ගුණාත්මක පර්යේෂණ යනු,යම් සමාජ කණ්ඩායමක ජීවිතය අධ්‍යයනය කිරීම සදහා භාවිතා කරන එක් ක්‍රම වේදයකි.මෙහිදී මානවයාගේ සංස්කෘතිය,සිරිත් විරිත් ගති පැවතුම් නිරීක්ෂණය කරයි.මෙකී ගුණාත්මක පර්යේෂණයන් සදහා ඉතා දිගු ඉතිහාසයක්ද ඇත්තේය.1920-1930 වකවානුවන් තුළදී මෙම ක්‍රමය බහුලව භාවිතයට ගත්තේය.
                                        මෙය සංඛ්‍යාත්මකව ඔප්පු කළ නොහැකිය.යම් සිදුවීමක චර්යාත්මක ස්වරූපය වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට මෙම ක්‍රමය තුළින් හැකිය.මෙහිදී ඔවුන්ගේ විවිධ ගුණ කථා කළ හැකිය.
              උ.දා-
                      මිනිසුන් හැසිරෙන්නේ  කෙසේද?ඔවුන්ගේ විශ්වාස,ඇදහිලි,ආකල්ප සැකසී ඇත්තේ කෙසේද? ඔවුන්ගේ පවුල් සබදතාවයේ ස්වරූපය සැකසී ඇත්තේ කෙසේද?   ආදී ගැටළු සදහා විසදුම් සොයා ගත හැක්කේ මෙම ක්‍රම වේදය හරහාය.
                                            මෙහිදී දත්ත රැස් කර ගන්නේ දෘශ්‍යය පට,ලිඛිත වාර්තා,පින්තූර,වාචිකමය,දෘශ්‍යමය,ස්පර්ශයවම,ආඝ්‍රාණමය වශයෙන් දත්ත රැස් කර ගනී.මෙහිදි පර්යේෂකයාට දත්ත දායකයන් සමග ඉතා සමීප සබදතා ඇති කර ගැනීමට හැකිය.ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමටද හැකිය.
      ගුණාත්මක පර්යේෂණ සිදු කරන ආකාරය.
          
 දත්ත එකතු කිරීම.       →     දත්ත එකතු කිරීම.
       ඉදිරිපත් වීම.         ↔                ඉදිරිපත් වීම.
           සිදු වීම.                                සිදු වීම.   
              ↘                                  ↙ ⤢   
                  දත්ත එකතු කිරීම
                            ඉදිරිපත් කිරීම
                                සිදු වීම.
                          
           ප්‍රමාණාත්මක  පර්යේෂණ සිදු කරන ආකාරය. 

                                          න්‍යාය
                                             ⬇
                                         කල්පිතය 
                                              ⬇                
                                       නිරීක්ෂණය/දත්ත රැස් කිරීම
                                               ⬇                                       දත්ත විශ්ලේෂණය
                                                ⬇
                                           අනාවරණය

        කෙසේ නමුදු ගුණාත්මක පර්යේෂණයක් රදා පවතින්නේ පරිසරය හා සිදු වීම් මතය.එය ප්‍රමාණාත්මක පර්යේෂණය  මෙන් ක්‍රමානුකූල නොවේ.සිතෙනා පරිදි ඕනෑම අවස්ථාවක දත්ත රැස් කිරීමට හැකිය.ඒ අනුව ගත් කළ ගුණාත්මක පර්යේෂණය වනාහි,

  • නම්‍යශීලී වේ.
  • සාපේක්ෂ වේ.
  • විස්තරාත්මකය.
  • උද්ගාමී වේ. 
  • මෘදු වේ.           
                 ප්‍රමාණාත්මක පර්යේෂණය වනාහි,
  •      අනම්‍ය ශීලීය.
  •     වාස්තවිකය.
  •     විග්‍රහාත්මක වේ.
  •     විශ්ව සාධාරණය.
  •     නිගාමී වේ.
       ප්‍රමාණාත්මක පර්යේෂණ සිදු කිරීමට නිශ්චිත ක්‍රම වේදයක් තිබිය යුතුය.ගුණාත්මක පර්යේෂණ සිදු කිරීමට ස්ථිර ක්‍රමවේදයක් නොමැත.ගුණාත්මක පර්යේෂණ න්‍යායකින් ආරම්භ නොවේ.ප්‍රමාණාත්මක පර්යේෂණ සංඛ්‍යාත්මක  දත්ත මත පදනම් වන බැවින් මිනිසුන්ගේ සිතුම් පැතුම් මත පදනම් නොවේ.
                        වර්තමානයේ බොහෝ දෙනා භාවිතා කරන්නේ ගුණාත්මක පර්යේෂණ ක්‍රමයයි.මේ තුළින්,
     😊පර්යේෂකයා හා පර්යේෂණයට භාජනය වන්නා අතර සමීප     සබදතාවක් දැක ගැනීමට හැකි වේ.
😊ගැඹුරු දත්ත ගවේෂණය කිරීමට හැකි වේ.
  😊පර්යේෂණ විවිධත්වයකින් යුක්ත වීම.
                                   ප්‍රමාණාත්මක පර්යේෂණ බොහෝ දුරට කර්මාන්ත ශාලාවක සේවක සංඛ්‍යාව,නිෂ්පාදනය,වියදම් ආදී දෑ දැක්වීමට භාවිතා කරයි.ඊට අමතරව ,
       උ.දා 
             2009 වර්ෂයේදී  ජංගම දුරකථන භාවිතා කළ පිරිස්
             2000 වර්ෂයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ රිය අනතුරු
                            ඒ අනුව ගත් කළ පර්යේෂණයක් ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත වලින් යුක්ත වේ.
                                                  👆👆....           



Comments

Post a Comment

Popular posts from this blog

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......