විද්‍යාත්මක ක්‍රම වේදය.

                 
          සමාජ විද්‍යාත්මක පර්යේෂණයන්හි දත්ත එක්                        රැස් කිරීමේ ශිල්පීය ක්‍රම.
   
         පර්යේෂණයක් විද්‍යාත්මක ලෙසින් සිදු කිරීමේදී ඒ සදහා දත්ත රැස් කළ යුත්තේ ද විද්‍යාත්මකවයි.ඒ අනුව දත්ත එක් රැස් කිරීමේ ශිල්පීය  ක්‍රම රාශියකි.ඒ අතුරින් ,

  1. සම්මුඛ සාකච්ඡා.
  2. ප්‍රත්‍යෙක අධ්‍යයනය.(CASE STUDY)
  3. ප්‍රශ්න මාලා ක්‍රමය.
  4. නිරීක්ෂණය.
  5. සාහිත්‍යය විමර්ෂණය.
  6. නියැදි ක්‍රම.                
          අප විසින් යම් ගැටළුවක් තෝරා ගෙන ඒ සදහා උපන්‍යාසයක් ගොඩ නගා දත් රැස් කරනු ලබයි.එහිදී සම්මුඛ සාකච්ඡාවට හිමි වන්නේ සුවිශේශී තැනකි.
     සම්මුඛ සාකච්ඡා.
 යම් පර්යේෂකයෙකුට තමාට අවැසි දත්තයන් ලබා ගැනීමේදී අදාළ පර්යේෂිතයාගේ ගති පැවතුම්,ශාරීරික ලක්ෂණ හා වෙනත් තොරතුරු ඔහු සමග කථා කොට නිරීක්ෂණය කොට සම්මුඛ සාකච්ඡා ක්‍රම මගින් තොරතුරු ලබා ගනී.මූලිකව සම්මුඛ සාකච්ඡා ක්‍රම කිහිපයකි.

  •  විධිමත් සම්මුඛ සාකච්ඡා
  • අවධිමත් සම්මුඛ සාකච්ඡා
  • සායනික සම්මුඛ සාකච්ඡා
  • ඉලක්ක සම්මුඛ සාකච්ඡා
  • ස්වතන්ත්‍ර සම්මුඛ සාකච්ඡා 
          මින් විධිමත් සම්මුඛ සාකච්ඡා යනු කලින් සැලසුම් කරනු ලැබූ ක්‍රමයකි.සකසා ගත් ප්‍රශ්න මාලාවකට පිළිතුරු සපයා ගැනීම මෙහි අරමුණ වේ.
        අවධිමත් සම්මුඛ සාකච්ඡාවේදී විධිමත් භාවයක් දැක ගැනීමට නොහැක.ඇසිය යුතු ප්‍රශ්න පිළිබද පූර්ව සැළසුමක් තිබුණද එය විධිමත්ව කර ගැනීමට නොහැක.පර්යේෂිතයාගේ හැසිරීම් රටා බලමින්,නිරීක්ෂණය කරමින් එවෙලෙට ප්‍රශ්න නගයි.එහිදී පර්යේෂකයා එලෙස තොරතුරු ලබා ගැනීමට දක්ෂ විය යුතුය.
                         සායනික සම්මුඛ සාකච්ඡාවන් සිදු කරන්නේ මනෝ වෛද්‍ය වරුන් විසිනි.එහිදී දත්ත දායකයාගෙන් දීර්ඝ වශායෙන්,ගැඹුරින් තොරතුරු ලබා ගනී.එහිදීද පර්යේෂකයා පර්යේෂිතයාගෙන් තොරතුරු ලබා ගැනීමට දක්ෂ විය යුතුය.
                 උ.දා  -
                            බොහෝ අපරාධකරුවන් වසන් කරනා තොරතුරු ලබා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කරයි.
     තවද,
                  පවුල් ප්‍රශ්නයන්,ලිංගික ගැටළු විසදීම සදහා මෙම ක්‍රමය භාවිතා කරයි.
     ඉලක්ක සම්මුඛ සාකච්ඡාවන් වලදී පර්යේෂිතයා නොයෙක් අත්දැකීම් වලට භාජනය කරමින් දත්ත ලබා ගනී.
            උ.දා-
                     යම් චිත්‍රපටයක් නැරඹීමට ඉඩ ලබා දී ඉන් ඉලක්ක,අපේක්ෂිත ප්‍රශ්නයන් විමසීම.
              ස්වතන්ත්‍ර සම්මුඛ සාකච්ඡාවන්හිදී දත්ත දායකයාට තම නිදහසේ දත්ත ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දේ.එහිදී පර්යේෂකයා ම්...,ඉතින් ඊට පස්සේ..,ඒ ගැන තව ටිකක් කියන්නකෝ..  ආදී වශයෙන් පර්යේෂිතයා දිරිමත් කරමින් දත්ත ලබා ගනී.
                                               ඒ අනුව මෙකී සම්මුඛ සාකච්ඡාවන් පර්යේෂණයන් සදහා ගැළපෙන ලෙස යොදා ගනිමින් තොරතුරු එක් රැස් කර හැකිය.

Comments

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......