MEDIA RESEARCH.
සමාජ විද්‍යාත්මක පර්යේෂණයන් යනු,
⇊ සමාජ විද්‍යා පර්යේෂණයන් සදහා ඉතා දිගු ඉතිහාසයක් ඇත.අතීතයේ මිනිසා දැඩි සබදකම් පෑවේය.එහිදී වැස්ස,අකුණු ගැසීම,ගෙරවීම් ආදී ස්වාභාවික සංසිද්ධීන් දෙස ඔවුන් විමතියෙන් බලන්නට විය.ඒවා පිළිබදව තව දුරටත් සෙව්වේය,විමර්ෂණය කළේය.ඒ හේතුවෙන් ඔවුන් එම ස්වාභාවික වස්තූන්ට දේවත්වයක් ආරූඪ කළේය.ලබා ගන්නා අස්වැන්නෙන් මුල් කොටස දෙවියන්ට පිදුවේය.මක්නිසාද යත් ඔවුන් අදාළ සිද්ධීන් ගැන විමර්ෂණයේ,පරීක්ෂණයේ යෙදුණු නිසාය.
😨😦
පසුව ඔවුන්ට සමාජයේ සිදු වෙන විවිධ සිදු වීම් පිළිබදව අදහස් හුවමාරු කර ගන්නට අවශ්‍යය විය.ඒ අනුව ඔවුන් උපයෝගී කර ගනු ලැබුයේ පරිසරය ආශ්‍රිත මෙවලම්ය,පරිසරයෙන් ලැබූ අත්දැකීම්ය.මෙලෙස පරිසරය,සමාජය හා ගැටෙන විට නොදැනුවත්වම පර්යේෂණයන්හි නිරත වන්නට විය.ඒ අනුව ඔවුන් මෙලෙස හැසිරෙන විට නොයෙක් ගැටළු උද්ගත විය.ඒවා පිළිබදව නැවත නැවත සොයා බලන්නට විය,අධ්‍යයනය කරමින් පිළිතුරු සොයන්නට විය.එහිදී මිනිසා නොදැනුවත්වම පර්යේෂකයකු විය.මෙලෙස නව දැනුම සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ යන්න බිහි වුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට යම් ගැටළුවක් විද්‍යාත්මක ක්‍රම වේදයන් ඔස්සේ සොයා ගෙන යන බැවින් එය විද්‍යාත්මක පර්යේෂණයක් විය.මෙහිදී අප සොයා යන්නේ සමාජ චර්යාවන් පිළිබදවයි.සමාජයේ තැනුම් ඒකකය වන මිනිසා පිළිබදවයි.ඔහු පවුල ,රටවල් ,නගර,නොයෙක් සමාගම් සමග සමග නොයෙක් සම්බන්දකම් පායි.ඒවා මගින් යම් චර්යා රටාවක් ගොඩ නැගේ.මෙලෙස පුද්ගලයා තමා අවට පරිසරය හා සබදකම් පවත්වනු ලබන විට ඇති වන ක්‍රියා හා ප්‍රතික්‍රයා අධ්‍යයන කිරීම සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලින් සිදු වේ.
මෙකී සමාජ විද්‍යාව පිළිබදව නොයෙක් නිර්වචනයන් ඉදිරිපත් කර ඇත.
“සමාජ සංසිද්ධීන් හා පුද්ගල කණ්ඩායම් හෝ මිනිස් හැසිරීම්හි ස්වභාවය හා පිළිවෙල අධ්‍යයන කිරීම මෙන්ම එමගින් ඒවා පිළිබද පුළුල් නියමයන් හා විද්‍යාත්මක සංකල්පයන් බිහි කිරීම සදහා කරනු ලබන විද්‍යාත්මක විග්‍රහයකි..
😍🙅
BONUS CODE: BONUSSEEKER, $10 BET AND BONUS CODE
ReplyDeleteBONUSSEEKER, $10 BET AND BONUS CODE - Bet365, $50 포항 출장마사지 FREE BET, FREE BET. 부산광역 출장샵 BONUSSEEKER BET NOW NOW BONUSSEEKER, BET NOW, BET NOW, BET NOW, BET 인천광역 출장샵 NOW Rating: 5 · 구리 출장안마 1 당진 출장마사지 review