EFFECTS OF NEW MEDIA.


                   
                   නව මාධ්‍යයේ බලපෑම්.
    
  නව මාධ්‍යය තුළින්  හොද හා නරක ප්‍රතිලාබයන් ලැබ්‍ෙ.වර්තමානය වන විට එහි නිශේධනීය බලපෑම වැඩි වී ඇත.එය  ශෝචනීය තත්ත්වයකි.Face Book වැනි සමාජ ජාලා  වෙබ් අඩවි තුළින් සිදු වන සයිබර් තර්ජන හා හිරිහැර වර්තමානය තුළ වැඩි වී ඇත.මෙය භයානක තත්ත්වයක් වන අතර සයිබර් අවකාශය තුළින් වෙනත් පුද්ගලයෙකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට පහසු වී ඇත.එවැනි භයානක තත්ත්වයන්ගෙන් බේරීමට නම් අප මාධ්‍යය සාක්ෂරතාවක් ලබා තිබිය යුතුය.එමෙන්ම නොදන්නා පුද්ගලයන් විසින් තරුණියන්ගෙන් සමාජ ජාලා ඔස්සේ ලිංගික අල්ලස් ගැනීම්ද සිදු කරයි.තරුණියන්ගෙන් ලිංගික ඡායාරූප ඉල්ලමින් ඔවුන්ව Black Mail කරනු ලබයි.
                😩😟😕😭
                                                          වර්තමානය වන විට තරුණ පරපුර අන්තර්ජාල ක්‍රීඩා සදහා වැඩි වශයෙන් යොමු වී ඇත.ඔවුන් ඒවා තුළ වැඩි පැය ප්‍රමාණයක් රැදී සිටින්නේ නොකා නොබීය.වර්තමානයේ දී දැක ගැනීමට හැකි නව ප්‍රවනතාවක් වන්නේ vedio game තුළින් තරුණ පරපුර සිය දිවි නසා ගැනීමට පෙළඹී ඇති ආකාරයයි.එය ශෝචනීය තත්ත්වයකි.
              
          උ.දා. බ්ලූ වේල් (Blue Whale)නැමැති අන්තර්ජාල ක්‍රීඩාව හරහා මේ වන විට මරණ 150 ක් පමණ                                   වාර්තා වී ඇති අතර එය මේ වන විට මාරාන්තික ක්‍රීඩාවක් බවට පත් වී ඇත.

එපමණක් නොව අප විසින් සයිබර් භාෂාවේ භාවිතයද හොදින් දැන සිටිය යුතුය.මෙහි ආකාර ගණනාවකි.
          කෙටි යෙදුම් හා සංකේත නාම සහිත පද භාවිතය,විරාම ලකුණු හා සලකුණු භාවිතය,සෘජු ඉල්ලීම් සහිත පද භාවිතය,චිත්තාවේග රූප භාවිතය,ශබ්දානුකරණ පද හා රටාවකට ලියන ලද පද භාවිතය 
           යන ආදියයි.
 එම නිසා නව මාධ්‍යය හරහා සන්නිවේදනය තවත් පහසු වී ඇත.
         බොහෝ තරුණ තරුණියන් you tube වැනි සමාජ ජාලා තුළින් ලිංගික ඡායාරූප හා වීඩියෝ භා ගත කර ගනී.එ්වායින් සංතෘප්ත නොවන යෞවන ඇතැම් තරුණ තරුණියන් ඒවා සැබැවින් කිරීමට පෙළබේ.එය බරපතල සමාජ බලපෑමකි.එවැනි ලිංගික වෙබ් අඩවියන් සදහා යම් වාරණයක් තිබිය යුතුය.නොඑසේ නම් යම් නීති පද්ධතියක් අනුගමනය කළ යුතුය..     
    

Comments

Popular posts from this blog

ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ.

දත්ත රැස් කිරීමේ ශිල්පීය ක්‍රම (සම්මුඛ සාකච්ඡා )

නියදිය යනු ......