නව මාධ්‍යය ස්වරූපය.
නව මාධ්‍යය.😍😃
තොරතුරු යුගයේ තෘතීයික අවධියක සිටින අප නව තොරතුරු දැන ගැනීමේ පිපාසයෙන් යුතුව බහුලවම භාවිතා කරන්නේ නව මාධ්‍යය හෙවත් සමාජ ජාලාවන්ය.Many TO Many සන්නිවේදනය ඔස්සේ ක්‍රියාත්මක වන මෙය මගින් බොහෝ ප්‍රයෝජනයන් ලබා ගත හැකිය.ඒ සදහා සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය ඊට උපකාරී වේ .face book,Twitter,Google plus,My space වැනි සමාජ ජාලයන් තුළින් ඥාණනය,සහයෝගිතාව,සන්නිවේදනය යන මූලික කරුණු තුන සංතෘප්ත කර ගැනීමට හැකි වේ.විදේශ රටවල්
1.තම සංවර්ධනයට
2.කාලය ඉතිරි කර ගැනීමට නව මාධ්‍යයන් භාවින කලත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් රටක නවමාධ්‍යය භාවිත කරනුයේ කාලය කා දැමීමටයි.ඒ තුළින් සමාජයක පරිහාණිය මෙන්ම මිනිසාගේ පරිහානියද සිදු වේ.
ඒ අනුව ඒ සදහා මාධ්‍යය සාක්ෂරතාව පිළිබද මනා දැනුමක් අප සතු විය යුතුය.එසේ නොමැතිව සමාජ ජාලාවන් භාවිතා පරිශීලනය කරන්නේ නම්,
- පවුල් සබදතා බිද වැටීම්
- ප්‍රචණ්ඩකාරිත්වය
- දූෂණය
- මිණී මැරුම් ආදී අදූරදර්ශී තත්ත්වයන් නිර්මාණය වේ.වර්තමානය වන විට තරුණ තරුණියන් ආදරය,ලිංගිකත්වය,ආදරය ආදී කාරණාවන් ඉතා සමීප ලෙසින් හුවමාරු කර ගැනීමට භාවිත කරනුයේ නව මාධ්‍යයි.ඒවා වැරදි ආකාරයට භාවිත කළහොත් ජීවිතය පවා අහිමි වේ.
Comments
Post a Comment